Wednesday, September 28, 2011

හදහනට පුලුවන්ද මෙච්චර දෙයක් කරන්න



                                                                                                    
වේදනාවේ කදුලු බින්දුව නෙත් අගින් වැටුනා
ජිවිතේ පැතු අමිල සෙනෙහස අදුරේ සැගවුනා
ඔබේ සිනහව මගේ ලෝකය කිමද වෙන් කලේ කිමද හැරගියේ
වේදනාවේ කදුලු බින්දුව නෙත් අගින් වැටුනා


අපේ හදවත් තැනු ලෝකයෙ සිහින බොද වුනා
නෙතට එලියක් දුන්නු ඔබ මට අදුරේ සැගව ගියා
ඔබේ ලෝකය තනා දෙන්නට ඔබෙන් වෙන් වුනා ඔබෙන් වෙන් වුනා

මගේ ජිවයේ පියුම වු ඔබ දෙගුරුන් වෙන් කලා
ඔබ නොමැති මේ මගේ ජිවය මල රුවක් වැනේ
මගේ ගීතයෙ තනුව වී ඔබ
අදුරේ සැගවුනා අදුරේ සැගව ගියා...අදුරේ සැගව ගියා

                                                   අද උදේ රේඩියෝ එකේ මේ සිංදුව ඇහෙන කොට වෙනදට වඩා මේක මගේ හිතට දැනුනා.ඒ මෙන්න මේ හින්දයි.ඇත්තටම මේක මේ දවස් වල මගේ හිතට දැනුනු ප්‍රශ්නයක්.මේක මේ දවස් වල මගේ හොදම යෙහෙළියක් මුහුණ දෙමින් ඉන්න ප්‍රශ්නයක් ....ඒ ප්‍රශ්නය තාම විසදුමක් ලැබිලා නැ.යෙහෙළියක් කිවුවත් ඇය මට මගේ සහොදරියක් තරමටම කිට්ටු කෙනෙක්.මගේ යහළුවා දැන් කලක ඉදන් ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන යනවා.එයා මේ ලගදි මේක ගැන දෙන්න්නගේම දෙමවුපියන්ට කියලා තිබ්බා.ඒක ඇහුවාම නම් මේ දෙපැත්තෙන්ම කිසි කෙනෙක්ගෙන් විරුද්දත්වයක් ප්‍රකාශ වුනේ නම් නැ.ඒත් මේ දෙන්නගේ හදහන් බැලුවට පස්සේ නම් මේ සම්බන්දේට ගැනු ලමයගේ පැත්තෙන් විරුද්දත්වක් පෙන්නනවා.මේක ලියන මේ මොහොත වෙන තුරු වත් මේ  ගැන අවසාන තිරණයක් ලැබිලා නම් නැ.මගේ යෙහෙළියට වෙලා තියෙන්නේ උනු හින්දා බොන්නත් බැ කිරි හින්දා අහක දාන්නත් බැ වගේ වැඩක්.මේ විදියට හදහනකට කෙනෙක්ගේ මුලු ජිවිතයම වෙනස් කරන්න පුලුවන් තරම් බලපැමක් ඇති කරන්න පුලුවන් ද කියන එක නම් ලොකු ප්‍රශ්නයක් .හදහන් වල තියන දේවල් 100% ක්ම නිවැරදි කියලා කියන්නත් බැ.වැරදි කියලා කියන්නත් බැ.





                                                                             මේ විදිහට හදහනක් නිසා දෙන්නෙක් වෙන් වෙලා පස්සේ කාලෙක දුක් වෙන්න උනොත් එක මුලු ජිවිත කාලේටම බලපානවා.මොකද හදහන කියන එක ගැලපිලා විවාහ වන කට්ටියත් වෙන් වෙනවා ඕන තරම් අපි දැකලා තියනවා.ඉතින් මෙහෙම මේ මුකුත් ගැලපෙනවද නැද්ද කියලා බලන්නේ නැතිව අදහස් ගැලපෙන නිසා විවාහ වුන අය කී දෙනෙක් සතුටින් ඉන්නවද? මෙතනදි හදහන් නොගැලපෙනවා කියලා දැන ගත්තාම සමහර අයගේ හිතේ බයක් ඇති වෙනවා.දෙමවුපියන් කියන දේ අහන්නේ නැතුව විවාහ වෙලා පස්සේ කාලෙක මොකක් හරි ප්‍රශ්නයක් ඇති උනොත් ආදරේ කරපු කෙනාත් නැති වෙලා දෙමවුපියනුත් තමන්ගේ පිහිටට නැති වෙනවා කියන එක.මේහෙම බලන කොට මේකත් එකතරා විදියක පඹගාලක් . මට හරිම දුකයි මේ දෙන්නාට වෙලා තියන ප්‍රශ්නයට .මම දන්න විදියට නම් ඒ පිරිමි ලමයට හොද රැකියාවක් තියනවා මගේ යහලුවාව ජිවිත කාලේම අඩු පාඩුවක් නැතුව රැක බලා ගන්න  පුලුවන්.ඒ වගේම ගොඩක් හොද ගතිගුණත් තියනවා කියලා හදුනා ගත්ත කාලෙදි වුනත් අපිට තේරුනා.මේ දෙන්නා හුග කාලේක ඉදන් හොද යහලුවෝ විදියට හිටපු දෙන්නෙක්.ජිවිතේ වුන විවිධ හැල හැප්පිම් වලදි වැටෙන්න නොදී එකි නෙකාට උදව් කරගත් දෙන්නෙක්.ඒත් අනාගතයේදි මේ හදහනේ තියන විදියටම මොකක් හරි ගැටලුවක් ඇති වුනොත් කියලා සැකයකුත් තියනවා.මොකද මිනිස්සුන්ට වෙනස් වෙන්න මහා කාලයක් ඕනේ නැති නිසා.මට අදටත් මතකයි මේ දෙන්නා ගේ ආදරේ පටන් ගත්ත දවසේ මගේ යාලුවා මට එවුව මේල් එක එකේ තියෙන්නේ  එයාට හරියට ගැලපෙන කෙනා මුන ගැසුනා කියලා. මේ පහල තියෙන්නේ එයා එවපු මේල් එකේ කොටසක්.

Im not single anymore.. Found the correct person in my life. 
He is one of my best friends before this relation has begin.. 
Me n him know everything abt each other so no worries at all.

                  අපි උපදින වෙලව අනුව හදපු හදහනට පුලුවන්ද කෙනෙක්ගේ ජිවිතේට මේ තරම් 
බලපැමක් ඇති කරන්න. මගේ යහලුවා කවදාවත් දෙමවුපියන්ට විරුද්දව යන කෙනෙක් නම්
නොවෙන නිසා මම දන්න විදියට මේ දෙන්නා දෙමවුපියන්ගේ තිරණයකට එකග වෙයි.

4 comments:

  1. වෙන රටවල මිනිස්සු කසාද බඳින්නෙත් හඳහන් බලලද?
    ගොඩනැගිලි හදන්නේ කිරි උතුරුවලද?

    ReplyDelete
  2. මටත් කියන්න තියන්නෙ අර පලවෙනි ඇනෝ කිව්ව එක තමයි. අපේ රටේ හඳහන්, නැකත් , කිරි උතුරවන තරමට ඕවයේ ඇත්තක් තිබුනනං අපි අද ඉන්න ඕන ඇමරිකාවට එහා!

    ReplyDelete
  3. හදහන් හොදට ගැලපිලා කසාද බැදලා දික්කසාද උන අය වගේම හදහන් නොගැලපෙන හතර කෙන්දරෙම පාලුයි කියපු අය කසාද බැදල සතුටින් ඉන්න උදාහරන ඔනැ තරම් මේ සමාජයේ තියෙනවා....ඉවසිය යුතු තැන ඉවසන,අනුකම්පාව ඇතිවිය යුතු තැන අනුකම්පාව දක්වන,පිහිට විය යුතු තැන පිහිටවන,‍රැක බල ගත යුතු තැන ‍රැක බල ගන්නා,සතු‍ටුවිය යුතු තැන සතු‍ටු වන... ආදි සැම අවස්තාවකම අනෙකාගැන සිතා බලා කටයුතු කිරිම ඉතා වැදගත්,,

    ReplyDelete
  4. හදහන් ගැනනම් මගෙත් ඒතරම් විශ්වාසයක් නෑ.. ඒත් ඒක අපේ සංස්කෘතියට එකතු වෙලා දැන්...

    ReplyDelete